වදංතද මලවද

ඔබේ බ්ලොග් අඩවියත් අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරයට එක්කරගැනිමට

ඔබේ බ්ලොග් අඩවියත් අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරයට එක්කරගැනිමට කැමතිනම් බ්ලොග් අඩවියේ ලිපිනය සදහන්කොට atampahura@gmail.com වෙතට ඊයක් එවන්න.

හය මසක් ඇතුලත කිසිදු පෝස්ටුවක් පලනොකරන බ්ලොග් අඩවී ඉවත් කරන අතර , පෝස්ටුවක් පලකීරිමෙන් පසු ඊමේල් මගින් කරනු ලබන ඉල්ලීමකින් නැවතත් ඇතුලත් කරගත හැක.

ඔබේ බ්ලොග් අඩවියෙන් අටම්පහිය සින්ඩිකේටරයට සබැදියක් ලබාදෙන්නට

Design ක්ලික් කරන්න dashboard එකට යන්න Layout ක්ලික් කරන්න Add a Gadget ක්ලික් කරන්න HTML/JavaScript සිලෙක්ට් කරන්න Content වලට මේ පහල තියන JavaScript එක පේස්ට් කරල save කරන්න.

<a href="https://atampahiya.blogspot.com//" target="_blank">
<img src="https://4.bp.blogspot.com/-zU1dgwSkaIw/WOM9B_56JmI/AAAAAAAAF5k/NGT0UED5Pgw-oRfHGtqsDcXazNSCFA96QCLcB/s1600/%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B6%25A9%25E0%25B7%2592%2B%25E0%25B6%25B6%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B7%258A%2B%2B%2B222.jpg" width="250"height="100" border="2" style="border:4px solid #080F21;"alt="" />
</a>

Followers

ඉරටු මිටිය



මා පාසල නිමව නිවසට පැමිණියේ පංතියේ මිතුරකුගේ ගෙදර යන එකම බලාපොරොත්තුව තදින්ම හිතේ බරකරගනිමිනි.

බලාපොරොත්තු දෑසින්ම ඉහිරි ගියේ කුස්සි මිදුල පුරා විහිරී තිබූ බුරුල් වූ ඉරටු මිටි දැකීමත් සමගිනි.
පුරුදු පරිදි "අම්මේ" කියා ගෙට ගොඩඋනත් කිසිම හැලහොල්මනක් නැත.මම ගෙයින් එලියට බැස දෙවනත් කිරීමට පයන් ගතිමි.පලමු දෙවන ඇමතීමත් සමග අම්මාගේ පලපුරුදු කටහඩ මෙසේ ඇසුනි.
මම මෙහේ... අර ඉරටු සේරම වේයෝ කාලා තව තිබ්බොත් ගන්න දෙයක් නෑ මහත්තයෝ..
ඒ ඇගේ වචන විය.

මම එසැනින් නිගමනයට පැමිණියෙමි.පුරුදු ඇමතීම කොල්ලෝ වන අතර.යම් වැඩක් පලක් ඇති විට එය මහත්තයෝ බවට පෙරලේ.එනම් දැන් ඇත්තේ යහලුවාගේ ගමන ඉරටු කඩේ රැගෙන යාමට වෙනස් කිරීමටයි.
අම්මා මදු වැල් අටක් දහයක් බිම දමන්නට වින.මම ප්‍රශ්න කරන්නට තියාගතිමි.

‘‘මේ මොනවද මෙව්වා... ඔවගෙන් බැදල මග බැද බැද මට ඉන්න වෙයි..‘‘

‘‘ ඔකත් හොයාගත්තෙ කැලේ පුළුවන් තරම් පීරලා.උඹ ඉදපන්කො මං බැදල දෙන්නනම්..

මම තරමක කේන්තියෙන්, නිහඩව බිත්තියට හෙත්තුවී මෙසේ ද ඇසුවෙමි.‘‘

‘‘ කන්ඩ මොනවද තියෙන්නේ..?‘‘

‘‘පරිප්පුයි, මෑකරලුයි කරෝල තෙල් දාල..‘‘

‘‘වෙන මොනවත් නැද්ද..‘‘

‘‘තියන එවුව තමයි කීවෙ.උඹ පරිප්පු කනවනෙ..‘‘

‘‘හා.. ටිකක් බෙදන්න..‘‘

මා එසේ කියමින් ගෙට ගියේ ඇදුම් මාරු කර පුරුදු කඩයට එලියට යන එකම කමිසය සහ කලිසම ඇදීමටය.බොහෝ දෙනා මා ඒ ඇදුමින් ඇත තියා හදුනා ගැනීමට සමත්වේ.මා ඇදුම අැඟලා බත් පිගාන ගෙන කටක් කන අතර වටපිලට ආවෙමි.

‘‘ ඔය කැවෙන්නෙ අපූරුවට..‘‘

‘‘ පරිප්පුයි, කරෝලයි මරු, මෑ පොලෙන්ද ගොවෙ?‘‘

‘‘ඔව්..‘‘

‘‘ ගෙදර හැදෙන ඒවා වගේ නෑ‘‘

‘‘ කොල්ලො ඉක්මනට වරෙන්කො, මෙික තනියම හිරකෙරුවට හරියට හිරවෙන්නෑ...‘‘

මම හන්කට පිගාන හිස් කොට ඉරටු මිටිට අසලට ආවෙමි.

ඇය දහසක් බලාපොරොත්තු ඉරටු මිටියට මැදිකර හිරකරමින් මෙසේ කියන්නට උනි

‘‘ බලාගෙන ඉන්නෙ, ඔන් ඔය වැලෙන් ඇදල ටිකක් හිරකරපං... කියන්නම ඔනෙ උඹලට ඉතින් තාම බබාලට වගෙ.‘‘

‘‘ මං හිතුවෙ ඉතින් ඔන්නෑ කියල, කියන්නැතුව මං දන්නවද..‘‘

‘‘ අයෙත් මගුල් ගෙදරකුත් කියන්න ආව උදේ..දැන් ඒකටත් 1000 ක් වත් එපැයි..හාපුවගෙ සල්ලි දෙන්ඩත් තායනවා.ඒකයි හදිසියේ මේක ඇදල ගත්තෙ..‘‘

‘‘ මං අදවත් අරුගෙ කම්පියුටරෙන් ගේමක් ගහන්ඩ යන්ඩ හිටියෙ..‘‘

‘‘හෙට පලයන්..‘‘

මා නෑසුනාසේ මිටිය ඒ මේ අත අල්ලා හිර කරමින් උදව් උනි.ඈගේ බලාපොරොත්තු සහිත මුව මඩල තවම හිත පුරා ඇදී ඇත්තේ මතක පොත ඒ තරම් පරිස්සමි නිසාවටය.

‘‘ මේ මගුල මගට යද්දි ලිහෙයිද දන්නැ‘‘

‘‘නෑ නෑ එහෙම වෙන්නෑ‘‘

‘‘ හැමදාම කියන්නෙ ඔකනෙ‘‘

‘‘ අය මෙච්චර බැදලත් කොහෙ ලෙහෙන්නද,හිරට ලී කෝටු දෙකක් ලැකැජ් එකේ හරහට තියල බැන්දනම් මොකවත් වෙන්නෑ...‘‘

එය තාත්තාගේ පරණ බයිසිකලය විය.එයද දිනක මට කීවේ අම්මාමය.ඒ වන විටත් ඔහු අප අතර නොසිටි පුද්ගලයකු වුයේ අකාලයේ ජීවිතේට සමුදුන් නිසාමය.
තරමක් අදුරුපැහැ ගැන්වුණු බයිසිකලය.ගමනට කඩිසර උවත් ජර බර සද්ද වලින් කිසි අඩුවක් ද නැත.
මා හැකි උපරිම වැර යොදා ඉරටු මිටි ඒ මේ අත හරවා බැදගත් පසු.බයිසිකලයට ගෙඩවත්ම හැඩලය වැනෙන්නට ගත්තේ මීමැස් මොරය රෝගයෙන් පෙලෙන්නෙකු වැනිය.ගත හිත වැර එකට පොදි බැද මා පැටලය පාගන්නට වින.

යා හැකි වුයේ ටික දුරකි.මගේ අනුමානය ලෙසම ඉරටු සරබර ගා මග ඇද වැටුනි.නැවත බිම තිබූ සියල්ල හනිකට එක්කරනට ගත් මා පාරේ යන එන උන්ගේ පැත්ත නිකමට ද බැලුවේ නැත.එකතුකල මිටි වාර දෙකක් තුල කඩයට ගෙනගිය මා ඉක්මනින් මුදල් කර ගෙදර ආවේ අම්මා කල බල වේය යන පරක්කුවටය.මන්ද තරමක් ඇදිරි වැටී එන ගොම්මන් ජාමයට ආසන්න බැවිනි.
මා ගෙට ගොඩවත්ම ඇයට මුදල් දිගුකරන්නට වින

‘‘කීයක් තිබ්බද? ‘‘

‘‘ කිලෝ 25 යි.අපරාදේ.. ඉරටු ඊයේ ගණන් අඩු උනාලු‘‘

‘‘ හෑ.. කොල්ලො මිටි පහේ කිලෝ 25 ට වඩා තියෙන්න එපැයි..‘‘

ඇය ඉරටු බිල දිගහැරිමත් සමග මඳ සිනහවක් පෑවේය.ඒ මගේ බලාපොරොත්තුවක ප්‍රතිළුලය විය.

‘‘ මට හිතුන.. උඹෙ බොරු තමයි කියලා..‘‘

‘‘ නෑ මං නිකන් කීවෙ මොකද කියන්නෙ බලන්න.‘‘

‘‘ ආ මේක මේසෙ උඩින් තියපන්‘‘

‘‘ මේ මාරු 20 කොලේ මට ඈ...‘‘

‘‘ හම්‘‘

ඒ විස්ස ඉරටු ප්‍රවහන ගාස්තුවක් උවත්,පසු දින පාසල් බස් ගාස්තු වියදම විය හැක.නමුත් තවම පාරේ ඉරටු ඇහුලු බවක් දන්නේ මා පමණි...


මෙන්න තවත් අළුත් බ්ලොග් එකක් , කියවලා ෆලෝ කරලා කමෙන්ට් එකක් එහෙම දාල එන්න

https://selfiekaviya.blogspot.com/2017/05/blog-post_74.html